spot_img
spot_imgspot_img

රිලව් චීනයට පටවන කතාව ශ්‍රී ලංකා ආණ්ඩුවේ අතේ රෝලක්. චීනය කියයි

පුවත්

විදෙස්

රිලව් ලක්ෂයක් ලබාදෙන ලෙස චීනයෙන් ඉල්ලීමක් කර ඇතැයි කියන කතාව සත්‍යෙයන් තොර යැයි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියිය.

චීනයේ ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය මේ බව තහවුරු කළේ යැයි චීන තානාපති කාර්යාලය කියයි.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගිය දා මාධ්‍යයට ප්‍රකාශ ලබාදෙමින් කියා සිටියේ චීනයේ පුද්ලික සත්වෝද්‍යාන 1,000ක් පවත්වාගෙන යන චීන සමාගමක් විසින් මෙලෙස රිලව් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි.

නමුත් චීනයේ ඇත්තේ ලියාපදිංචි සත්වෝද්‍යාන 18ක් පමණි.

චීනයට වන සතුන් සහ ශාක ආනයනය කිරීමේ දී මෙන් ම චීනයෙන් වන සතුන් හෝ ශාක අපනයනය කිරීමේ දී ද එම කටයුතු අධීක්ෂණය සහ කළමනාකරණය කිරීමේ වගකීම එරට ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය වෙත පැවරෙයි. එම ඒකකයේ අවසරයකින් සහ අධීක්ෂණයකින් තොරව සතුන් හෝ ශාක ආනයනයට හෝ අපනයනයට අවසරයක් නැති අතර එවැනි ඉල්ලීමක් කළ යුත්තේ ද එම ආයතනය ඔස්සේය.

ශ්‍රී ලංකාවට ආවේණික රිලවා නම් පැරණි ලෝකයේ වානර විශේෂයේ සතුන් ලක්ෂයක් චීනයේ පුද්ගලික සමාගමක් විසින් ආනයනය කිරීමට සූදානම් වන බවට ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මාධ්‍යවල පළවූ වාර්තා මෙන් ම ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කරන ලද ප්‍රකාශ පිළිබඳ චීන තානාපති කාර්යාලය විසින් සොයා බැලූ බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ශ්‍රී ලංකාවේ  කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කරනු ලැබූ පැහැදිලිකිරීම් සම්බන්ධයෙන් ද චීන තානාපති කාර්යාලය අවධානය යොමුකර තිබේ.

එහි දී බීජිං නුවර පිහිටි ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකයෙන් ද විමසීමක් කර ඒ පිළිබඳ කරුණු සොයා බැලීමෙන් පසු මේ නිවේදනය නිකුත් කර තිබේ.

එහි දී චීන තානාපති කාර්යාලය පවසන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂ ජාත්‍යන්තර වෙළෙඳාම පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියේ චීනය ද එක් පාර්ශවකරුවෙක් බවයි. ඒ අනුව 1988 වර්ෂයේ සිට චීනය වනජීවී ආරක්ෂන නීතිය අනුව කටයුතු කරන බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. ඔවුන්ගේ අපේක්ෂාව වනජීවී නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය ලෝකයේ ඉහළම රටක් බවට පත්කිරීම බව ද එම නිවේදනයේ අවධාරණය කර ඇත.

1 COMMENT

  1. ඒකත් ඉවරයි.
    බැරිද රිලවු ටික අර විරැද්දව කෑ ගහපු අයට බලාගන්න දෙන්න

Leave a Reply to සුගන්දික Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!