spot_img

සමෘද්ධි වෘත්තීය සමිති අවුරුදු උත්සව වර්ජනය කරයි

පුවත්

විදෙස්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කිරීමට නියමිත අවුරුදු උත්සවය වර්ජනය කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව පවසයි.

මෙම අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් මස 22 වැනි දා ගාලු මුවදොර පිටියේ දී  පැවැත්වීමට නියමිතය.

සමස්ථ ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ සභාපති පී. කේ. රනුග්ගේ සඳහන් කළේ ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථාවක කෝටි ගණනක් වැය කරමින් අවුරුදු උත්සවයක් පැවැත්වීමට තම වෘත්තීය සමිති විරෝධය දක්වන බවයි.

“අවුරුදු උත්සව පවත්වන්න යැයි කියමින් සමෘද්ධි කළමනාකරුවන් බිය වද්දමින් රුපියල් ලක්ෂ 816ක් වියදම් කරන්න හැදුවා. අපි මේ බියවැද්දවීම්වලට බය නැහැ. ඇතැම් දේශපාලන ඇම්බැට්ටයන් මේ උත්සාහය ගන්නවා. අපි සමෘද්ධි කළමනාකරුවන් ඇතුළු සමෘද්ධියට අදාල සියලු වෘත්තීය සමිති එක හඩින් අප්‍රේල් 22ක අවුරුදු උත්සව වර්ජනය කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles