spot_img
spot_imgspot_img

ඉතිහාසයේ ලොකුම ජය ලැබුවත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම තරඟ ජයග්‍රහණය ලබාගැනීමට අද (18) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සමත්විය.

ඒ දින දෙකක් ඉතිරිව තිබිය දී ම අයර්ලන්ත කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 280කින් පරාජයට පත්කරමිනි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 591ක් රැස් කළේය. එහි දී නායක දිමුත් කරුණාරත්න 179ක්, කුසල් මෙන්ඩිස් 140ක්, දිනේෂ් චන්දිමාල් නොදැවී 102ක් සහ සධීර සමරවික්‍රම නොදැවී 104ක් ලෙස ශතක ලබාගැනීම කැපී පෙණිනි.

 අයර්ලන්ත කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143ක් පමණක් බැවින් ඔවුන්ට දෙවැනිවර පන්දුවට පහරදීමට සිදුවිය. ඒ අනුව නැත පන්දුවට පහරදුන් ඔවුන් සියලු දෙනා ලකුණු 168කට දැවි ගියහ.

අයර්ලන්ත පළමු ඉනිමේ දී ලකුණු 52කට කඩුලු 07ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය දෙවැනි ඉනිමේ දී ද ලකුණු 56කට කඩුලු 03ක් ලබාගනිමින් තරඟයේ ලකුණු 108කට කඩුලු 10ක් හිමිකරගත්තේය.

දෙරට අතර දෙවන ටෙස්ට් තරගය එළඹෙන 24 වනදා ගාල්ලේදී ආරම්භවීමට නියමිතය.

තරඟය අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ දක්ෂ කණ්ඩායමක් සිටියත් තවමත් ඔවුන්ගෙන් 100%ක් නොලැබෙන බවයි.

දක්ෂ කණ්ඩායමක් හමුවේ තරඟ කරන ආකාරය තවමත් ප්‍රමාණවත් නැති බව ද පන්දු යවන්නන් වරින් වර කඩුළු දවාගත්ත ද ඇතැම් සැළසුම් ක්‍රියාත්මක කළ නොහැකිවීමෙන් ගැටලු ඇතිවන බව ද හෙතෙම නේවාදුන්නේය.

දිමුත් වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“ අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා. නවක ක්‍රීඩකයන් හොඳට සෙල්ලම් කරනවා. ඒත් අඩුපාඩු තාම තියෙනවා. තවමත් උපරිමය ඇවිත් නෑ. පන්දුයැවීම තවමත් පහළ මට්ටමේ තියෙන්නේ. පන්දු යැවීමේ දී සැළැස්මක් හැදුවම අපිට ඒක සාර්ථක කරගන්න ලැබෙන්නේ නැති වෙලාවල් තියෙනවා. නිකන් ඔහේ යනවා වගේ. ඒ දේවල් අපි හදාගන්න අවශ්‍යයි. මේ තත්වයෙන් හොඳ ටීම් එකක් එක්ක සෙල්ලම් කරනකොට ලේසි වෙන්නේ නැහැ. අපිට පොඩි ප්‍රමාණයක් තරඟ තියෙන්නේ. ඒ නිසා පුළුවන්තරම් දේශීය තරඟ සෙල්ලම් කරලා අවස්ථාව අරගෙන අත්දැකීම් ලබාගන්න ඕනේ. පිතිකරණ්‍ය පැත්තෙන්නම් අපිට ලොකු ගැටලුවක් නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!