spot_img

විදුලි බලය ඈවරයි, දෑවරයි ?

පුවත්

විදෙස්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව පනතක් මැයි මස අවසන්වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු මේ බව කියා සිටින්නේ නිල twitter ගිනුමේ සටහනක් තබමිනි. අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත්තේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදයට සහ යෝජිත කාලරාමුවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවයි.

එම වැඩපිළිවෙල සම්බන්ධීකරණයට කාර්යාලයක් පිහිටුවීමටත්, සංවර්ධන නියෝජිත ආයතන වන ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනයේ සහ JICA ආයතනයේ සහය ලබා ගනිමින් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා යොමුවීමටත් අනුමැතිය හිමිව ඇත.

මෙලෙස විදුලිබල මණ්ඩලය ප්‍රතව්‍යුහගත කිරීමේ දී මූල්‍ය සහ මානව සම්පත් විගණනයන් අවසන් කිරීමට සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය 2023 ඔක්තෝබර් මාසයේ දී අවසන් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles