spot_img
spot_imgspot_img

ඉන්දුනීසියාව ආසන්න මුහුදේ ප්‍රබල භූමිකම්පා දෙකක්

පුවත්

විදෙස්

ඉන්දුනීසියාව ආසන්න මුහුදේ රිච්ටර් මාපකයේ ඒකකය 7..ක් සහ 5.4ක් ලෙස ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුව තිබේ. භූමිකම්පා දත්ත අනුව එයින් කිසිදු ආකාරයක සුනාමි බලපෑමක් ඇතිවීමට හැකියාවක් නැත.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) සවස 3.25ට ඉන්දුනීසියාවේ ජාවා දූපත්හි ටුබාන් නගරයට නැගෙනහිර දිශාවෙන් කිලෝ මීටර 96ක් දුර මුහුදේ රිච්ටර් මාපක 7.0ක භූමිකම්පාව සිදුව ඇති අතර එහි අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 564ක් ගැඹුරින් පිහිටා තිබූ බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

එම භූමිකම්පාව සිදු වූ විනාඩි 42කට පසු සවස 4.07ට දෙවැනි භූමිකම්පාව සිදුව ඇත්තේ ද ඒ ආසන්න මුහුදේය. දෙවැනි භූමිකම්පාවේ විශාලත්වය රිච්ටර් මාපක 5.4ක් වන අතර ජාවා දූපත්හි පකිරාන් නගරයේ සිට කිලෝ මීටර 113ක් ඈත නැගෙනහිරින් මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 590ක් ගැඹුරින් එහි අපිකේන්ද්‍රය පිහිටි බව වාර්තා වෙයි.

සුනාමි අවදානමක් ඇතිවීමටනම් කරුණු තුනක් සම්පූර්ණ විය යුතුය. රිච්ටර් මාපකයේ ඒකක 7.00 ඉක්මවූ භූමිකම්පාවක් මුහුදු පත්ලේ සිට අඩු ගැඹුරකින් සිදුවිය යුතුය. එම සාධක දෙකට අමතරව භූමිකම්පා හේතුවෙන් පොළොවේ සිරස් අතට කම්පන තරංගය හටගත යුතුය. මෙම භූමිකම්පා දෙකෙන් පළමුව සිදුවූ භූමිකම්පාවේ දී රිච්ටර් මාපකයේ ඒකක 7.00ක කම්පනයක් සිදුව ඇතත් එහි අපි කේන්ද්‍රය කිලෝ මීටර 564ක් ගැඹුරින් පිහිටීම හේතුවෙන් සුනාමියක් ඇතිවීමට ඉඩක් නැත.

එබැවින් මෙම භූමිකම්පා සඳහා සුනාමි අනතුරු ඇඟවීම් නිකුත්කර තිබුණේ නැත.

ජාවා දූපත්වලට නැගෙනහිරින් භූමිකම්පාවක් හටගත් අවස්ථාවක දී සුනාමියක් ඇතිවුව ද ජාවා දූපත් ගොඩබිම හේතුවෙන් සුනාමි රළ ආවරණය වන බැවින්, ශ්‍රී ලංකාවට එවැනි සුනාමියකින් අවදානමක් නැත.   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!