spot_img
spot_imgspot_img

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම තවත් කල් යයි ?

පුවත්

විදෙස්

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකිරීමට තවමත් තීරණයක් ගෙන නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එම සම්මේලනය ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නොකිරීමට තීරණය කර තිබිණි. ඒ සඳහා ලබාදෙන දීමනා වැඩි කිරීම සහ තම වැටුපෙන් අයකරනු ලබන උපයන විට බදු අඩුකිරීම සම්බන්ධයෙන් සහනයක් ලබාදෙන ලෙස ඔවුන්ගේ ඉල්ලීම් විය.

විභාග ඇගයීම් සඳහා ලබාදෙන ගෙවීම් වැඩි කළ ද ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ බදු අයකිරීම සම්බන්ධයෙන් සහනයක් ලැබිය යුතු බවයි. ඊයේ (11) රාත්‍රී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුවේ දී ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව ද පවසා තිබිණි.

නමුත් අද එම සංගමය පවසන්නේ විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඉදිරිපත් කර තිබූ ගැටලු සම්බන්ධයෙන් මාස එකහමාරක් පමණ දීර්ඝ සාකච්ඡා කිහිපයකින් පසු විසඳුම් ලබාදුන් බවයි.  ඉන්පසු විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට කටයුතු කිරීම ගැන ස්තූතිවන්ත වන බවත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ඇතැයි අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට තවදුරටත් යමි ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍යනම් ඉදිරි ඕනෑම දිනක ඊට සූදානම් බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!