කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 16,305ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,296ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,322ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 352
- රෝයල් සෙරමික් සමාගම රුපියල් මිලියන 150
- ලංකා වෝල්ටයිල් සමාගම රුපියල් මිලියන 75
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- මාරවිල රිසෝට් සමාගම (X) කොටස් මිලියන 18
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 10
- රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- තලවකැලේ වැවිලි සමාගම 25%
- එස්එන්බී ලීසිං සමාගම 14%
- ලාෆ් ගෑස් සමාගම 11%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ලාෆ් ගෑස් සමාගම (X) කොටස් මිලියන 1.5ක් රුපියල් 22.00 බැගින්
- ලංකා වෝල්ටයිල් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 50.00 බැගින්
- රෝයල් සෙරමික් සමාගම කොටස් මිලියන 04ක් රුපියල් 30.00 බැගින්
- එලිෆන්ට් හවුස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 40.00 බැගින්
- හේලීස් සමාගම කොටස් ලක්ෂ 05ක් රුපියල් 72.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 317
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 195
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 191
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 52 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 05ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 47ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 39
- හේලීස් සමාගම රුපියල් මිලියන 06
- ලංකා හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 03
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 02
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ