spot_img
spot_imgspot_img

උසස් පෙළ පිළිතුරු ඇගයීම් නොකරන බව විශ්වවිදයාල ආචාර්යවරු කියති

පුවත්

විදෙස්

රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්තිය නිසා තමන් දැඩි පීඩාවකට පත්ව සිටින බැවින්, තමන්ට සහන දීමනාවක් හෝ ලබාදෙන තුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් නොකන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

එහි සභාපති මහාචාර්ය බී.එම්.එච්.එස්.කේ.බන්නැහැක පවසන්නේ රජයේ අත්තනෝමතකි බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ඇති වී තිබෙන දුෂ්කරතා මඟහැරෙන තුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුනොකරන බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම මත පසුගිය දා ඔවුන්ට උත්තරපත්‍ර ඇගයීම් සඳහා ගෙවන දීමනාව වැඩි කෙරිණි.

උපයන විට බදු අයකිරීම ශ්‍රී ලංකාවේ නව ප්‍රතිපත්තියක් නොවේ. එය 2019 වර්ෂයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු ඉවත්කරන ලද ක්‍රමයකි. රටේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වූයේ බදු ආදායම අහිමිවීම බව කියමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු නැවත උපයන විට බදු අය කිරීම ක්‍රියාත්මක කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!