spot_img
spot_img

හමුදා බසයට යට වී තරුණියක් මරුට

පුවත්

විදෙස්

බටලීය, කජුගම දී කජු මිල දී ගැනීම සඳහා මාර්ගය අයිනේ සිටි තරුණියක් යුද හමුදා බස් රථයකට යටවී එම ස්ථානයේ ම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වූ කඳාන රජයේ ඉඩම පදිංචිව සිටි විතානගේ දිමුතු රසාංජලී නමැති තරුණියකි.

පුද්ගලික ආයතනයක ගිණුම් අංශයේ සේවිකාවක වූ ඇය සිය පෙම්වතා සමඟ උඩුවක ඇල්ල නරඹා යතුරුපැදියකින් නැවත නිවස බලා යමින් සිටිය දී කජු මිල දී ගැනීමට මාර්ගය අයිනේ යතුරුපැදිය නවතා පිරිමි ළමයා කජු මිල දී ගනිමින් සිටිය දී මේ අනතුර සිදුව ඇත.

තරුණිය යතුරුපැදිය අසළ සිටගෙන සිටි බවත්, වේගයෙන් මහනුවර දෙ සිට වේගයෙන් පැමිණි බසය ඇය යටකරගෙන කජු අළෙවි කුටියට ද අලාභ සිදුකරමින් නතර වී ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසයි.

යක්කල රණවිරු ඇපරල් ආයතනය වෙත හමුදා සාමාජිකයන් ප්‍රවාහනය කරන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. එම බසයේ රියදුරු අත්අඩංගුවට ගත් බවත් වැස්ස පවතින අවස්ථාවක දී වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

පොලිසිය පවසන්නේ අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණිය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!