spot_img
spot_imgspot_img

රාජිතට, සෞඛ්‍ය ඇමතිධූරය ?

පුවත්

විදෙස්

සෞඛ්‍ය ඇමතිධූරය දෙන්නේ නම් තමන් එය බාරගැනීමට සූදානම් යැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

බණ්ඩාරගම දී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කී‍වේය.

“සෞඛ්‍ය ඇමතිකම දෙනවානම් මම බාර ගන්නවා. අපේ විපක්ෂ නායකතුමා 2015 දී මුල්වරට සෞඛය ඇමති වෙන්නේ කලින් ආණ්ඩුවේ ඉදලා අපි එක්සත් ජාතික පක්ෂයට ආපු නිසා. නැත්නම් එක්සත් ජාතික පක්ෂය ඒ වෙලාවේ දිනන්නේ නැහැ. අපි ඒ තීරණය ගත්තේ දේශපාලනය වෙනුවෙන්. දේශපාලනය වෙනුවෙන් එහෙම ගන්න තීන්දු නිසා තමයි වෙනස්කම් සිදුවෙන්නේ. මිනිස්සු ඒවා පිළිගන්නේ. මේවා සල්ලිවලට ගන්න තීන්දු තීරණ නෙවෙයි. මුදල්වලට යන කට්ටියත් ඇති. නමුත් අපි තීරණ ගන්නේ දේශපාලනික වශයෙන්.”

ඉතාමත් නුදුරු දිනයක දී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. එම කැබිනට් සංශෝධනයේ දී රාජිත සේනාරත්නට සෞඛ්‍ය අමාත්‍යධූරය ලැබෙන බවත්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙමින් රජයට එක්වන බවත් වාර්තා වේ. ඒ පිළිබඳ මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා මේ බව කීවේය.

1 COMMENT

  1. මේ හදන්නෙ ආයිත් හොරා කන්ඩයි. විනාශකලා මදිවට තවත් ගසාකන්ඩ මේ දගලන්නෙ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!