spot_img
spot_imgspot_img

සුමාත්‍රා අසළ ප්‍රබල භූමිකම්පාවක්. ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

පුවත්

විදෙස්

ඉන්දුනීසියාවේ අද (03) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.29 ට සිදුව ඇති භූමිකම්පාවෙන් සුනාමි අවදානමක් නොමැති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාහි නියාස් දූපත ආසන්න වෙරළ තීරයේ මෙම භූමිකම්පාව සිදුව ඇති අතර රිච්ටර් මාපක 6.1ක ප්‍රබලත්වයකින් යතුය. එහි අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 84.5ක් ගැඹුරින් පිහිටා ඇත.

එම භූමිකම්පාවේ ප්‍රබලත්වය භයානක සුනාමි තත්වයක් ඇතිකිරීමට තරම් නොවන බව භූ විද්‍යාඥයන්ගේ අදහසයි. වෙරළ ආසන්නයේ ම භූමිකම්පාව සිදුවුව ද සුනාමි රළ ඇති වී නැත. සුනාමි තත්වයක් ඇති වුව ද භූමි කම්පාව සිදුවූ ස්ථානයේ සිට ශ්‍රී ලංකාව දෙසට ඉන්දුනීසියානු දූපතක් පිහිටා ඇති ශ්‍රී ලංකාවට බලපෑමක් වන්නේ ඉතාමත් අඩුවෙනි.

කෙසේ වෙතත් භූ විද්‍යාඥයන් පවසන්නේ සුනාමි තත්වයක් ඇතිවීමට නම් භූමිකම්පාවක් රිච්ටර් මාපකයේ ඒකක 7.0 ඉක්මවන ප්‍රබලත්වයකින් සිදුවිය යුතු බවයි. එමෙන්ම පොළොව සිරස් අතට එනම් උඩට සහ පහළට කම්පනය විය යුතුය. එවැනි කම්පනයක් ඇති වන්නේ ඉතාමත් කලාතුරකිනි. සුනාමියක් ඇතිවීමට නම් භූමිකම්පාව මුහුදු පත්ලේ අඩු ගැඹුරකින් සිදුවිය යුතුය. මේ සියලු කරුණු සම්පූර්ණ වන්නේ ඉතාමත් කලාතුරකිනි.

කෙසේ වෙතත් සුමාත්‍රා දූපත් අසළ ඉන්දු ඕස්ට්‍රේලියානු තැටියේ අද (03) අලුයම ද රිච්ටර් මාපක 4.9ක භුමිකම්පාවක් සිදුව තිබිණි. එ් අනුව එම භූ තැටි මායිමේ දිගින් දිගටම භූමිකම්පා සිදුවන්නේ ද යන්න පිළිබඳ ශ්‍රී ලංකාව ද අවධානයෙන් සිටිය යුතුය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!