spot_img
spot_imgspot_img

“ඩෙල්ෆ්ට් බෞද්ධ උරුමයක් ගේන්න එපා“ යැයි උද්ඝෝෂණ

පුවත්

විදෙස්

ඩෙල්ෆ්ට් දූපතේ පුරාවිද්‍යාත්මක ස්ථානවල විස්තර සහිත පුවරු සවිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කිරීම හේතුවෙන් දෙමළ පාරම්පරික උරුමයක සිංහල බෞද්ධ ඉතිහාසයක් නිර්මාණය නොකරන ලෙස බලපෑම් කරමින් පිරිසක් විරෝධතාවක් සිදුකර තිබේ.

ඩෙල්ෆ්ට් දූපතේ ස්ථාන දෙකක දී මෙම උද්ඝෝෂණය සිදුකර ඇති අතර ඔවුන් පවසන්නේ ඩෙල්ටේ හි විෂ්ණුපුත්‍ර වෙඩිඅරසන් බලකොටුව බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ තැනක් බව පෙන්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ ස්ථානයේ ක්‍රිස්තු වර්ෂ 01 වැනි සහ 02 වැනි සියවස්වලට අදාල බ්‍රාහ්මීය සෙල්ලිපි හමුවන බවයි. එම ස්ථානය පැරණි බෞද්ධ විහාරස්ථානයක නටඹුන් සහිත තැනක් ලෙස ද හඳුනාගෙන ඇති බව පුරාවිද්‍යාඥයෝ කියති. ඒ පිළිබඳ තොරතුරු සහිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුවරු සවිකර තිබේ.

බදාදා (29) වෙඩිඅරසන් බලකොටුව අසළ දී සහ ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී මෙලෙස විරෝධතා සංවිධානය කර තිබිණි. දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් මෙම විරෝධතාවය පැවැත්විණි. එම විරෝධතාව සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් ද එක්ව සිටිියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!