spot_img
spot_imgspot_img

පාසල් සිසුවකු පැදවූ රථයකට, පොලිස් නිලධාරියකු යටවෙයි

පුවත්

විදෙස්

පොලිස් නිලධාරියකු වෑන් රථයකට යටකර පළාගිය පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි පාසල් සිසුවෙකි.

කොල්ලුපිටිය මුහුදු මාවතේ කාල්විල් හන්දිය ආසන්නයේ රථවාහන රාජකාරීවල නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු මෙලෙස අනතුරට ලක්ව ඇත. බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

කොළඹ දෙස සිට මුහුදු මාවත ඔස්සේ අපරික්ෂාකාරී ලෙස වෑන් රථය ධාවනය කරමින් පොලිස් නිලධාරියකු ද යටකර පළාගිය පාසල් සිසුවා අත්අඩගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය.

කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!