කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 12,000ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 912ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,228 ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 124
- සම්පත් බැංකුව රුපියල් මිලියන 71
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 62
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාම කොටස් මිලියන 6.2
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 5.5
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 4.9
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සීඩීබී සමාගම 5%
- කප්රුක සමාගම 4%
- රේණුක ෆුඩ්ස් සමාගම 4%
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 255
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 198
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 27 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 117ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 90ක මුදලක් කොටස් වෙළෙඳ පොළින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 4.8
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 3.5
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 3.4
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 60
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 46
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ