spot_img

නවසීලන්තයත් TikTok සීමා කරයි

පුවත්

විදෙස්

නවසීලන්තයත් TikTok සඳහා සීමා පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව හා සම්බන්ධ උපාංග හරහා TikTok වෙත පිවිසීම තහනම් කිරීමමට තීරණය කර ඇත.

TikTok හිමිකාරීත්වය දරන ඩාන්ස් බයිට් සමාගම සිය දත්තවල ආරක්ෂාව තහවුරු නොකරන බැවින් මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බව නවසීලන්තය පවසයි.

ඉන්දියාව මේ වනවිට TikTok තමනම් කර ඇති අතර  බ්‍රිතාන්‍ය ඊයේ (16) තීරණය කළේ  වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ දුරකථන සඳහා TikTok තහනම් කිරීමටය. ඇමෙරිකාව සහ කැනඩාව ද මේ වනවිට TikTok වෙත යම් යම් බාධක පනවා තිබේ.

ඇමෙරිකාව පසුගිය සතියේ TikTok සමාගම වෙත දැනුම් දී තිබුණේ එම සමාගමේ හිමිකාරීත්වය චීන නොවන සමාගමකට පවරන්නේ නැතිනම් ඇමෙරිකාවේ දී TikTok යෙදුම භාවිතයෙන් ඉවත්කරන බව ද දැනුම් දි තිබිණි.

මේ වනවිට TikTok  යෙදුම ලොව රටවල් 150ක පමණ භාවිත කෙරෙන අතර ලොව පුරා බිලියනයක් පමණ ග්‍රාහකයින් සංඛ්‍යාවක් එම මෙවලම හා සම්බන්ධව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles