spot_img
spot_imgspot_img

දරුවන් වද දුන් පාසල ගැන පැමිණිලි තව ලැබෙයි. ඇප අවලංගුකර විදුහල්පති ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

පුවත්

විදෙස්

මහනුවර, බොක්කාවල, Regency Boarding School නමැති පුද්ගලික පාසලේ සිසු සිසුවියන්ට කෲර වධහිසා කිරිමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි විදුහ්ලපතිවරයා ඇතුළු 06 දෙනාගේ ඇප අවලංගු කළ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි ඔවුන් නැවත ලබන 20 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට ඊයේ (16) නියෝග කළේය.

එම සැකකරුවන්ගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් අනුව පෙරේදා (15) ඔවුන්ට ඇප නියම කරන ලද්දේ ද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසිනි. ඔවුන්ට ඇප ලබාදීමෙන් පසු මහනුවර මූලස්ථාන පොලිසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මෝසමක් ඉදිරිපත් කරමින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බැවින් සැකකරුවන්ට ලබාදුන් ඇප අවලංගු කරන ලෙස ඉල්ලා තිබිණි.

ඒ අනුව මෙලෙස නැවත රිමාන්ඩ් කරන ලදීදේ පී.ඩබ්ලිව්.සුජීව සම්පත් ලේකම්ගේ, එච්.ජී.නුවන් ප්‍රදීප් පෙරේරා, පී.ජී.පියතිස්ස, ශාන්ත බණ්ඩාර දිසානායක, හිමාෂි හංසිකා ගුණසේකර සහ කේ.ඩබ්ලිව්. ප්‍රසංගි මනෝජ් දිල්හාර යන හය දෙනෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!