spot_img

පොලිස්පති ධූරය දේශබන්දු තෙන්නකෝන්ට ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.

වත්මන් පෙලිස්පති සී.ඩී.වික්‍රමරත්න ලබන 25 වැනි දා විශ්‍රාම යාමට නියමිතය. ඉන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් එම තනතුර සඳහා පත්කිරීමට නියමිතය.

1998 වර්ෂයේ දී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ දේශබන්දු තෙන්නකෝන් 2006 වර්ෂයේ දී පොලිස් අධිකාරී තනතුරට ද, 2011 වර්ෂයේ දී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට ද, 2015 වර්ෂයේදී නියෝජ්‍ය පොලිස්පති තනතුරට ද උසස්වීම් ලැබුවේය.

අනතුරුව 2019.11.29 දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වන දේශබන්දු තෙන්නකෝන් 2020.01.01 දිනට එම තනතුරේ ස්ථිර පත්විම් ලබන අතර, 2019.12.05 දින සිට මේ දක්වා වසර 03කට අධික කාලයක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කරනු ලබයි. 

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles