spot_img
spot_imgspot_img

පාසල් සිසුවියක් රැගෙන, කැලයකට රිංගූ පුද්ගලයෙක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

සාලියවැව, වීරපුර ප්‍රදේශයේ කැලෑවකට 12 හැවිරිදි පාසල් සිසුවියක රැගෙන ගොස් ඇය සමඟ රැඳී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිබාව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සමඟ සිටි සිසුවිය රාජංගනය ප්‍රදේශයේ දැරියක බව ද අනාවරණය වී ඇත.

වීරපුර ප්‍රදේශයේ කැලෑවට ගිය පුද්ගලයකු බාලවයස්කාර දැරිය වැඩිහිටි පුද්ගලයකු සමඟ කැලයේ සිටිනු දැක ඒ බව පොලිසිය දැනුම් දී තිබේ. එම දැනුම්දීමට අනුව පොලිසයි විසින් කරන ලද වැටලීමේ දී 32 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර පාසල් දැරිය ද පොලිස් භාරයට ගෙන ඇත.

පොලිසිය පවසන්නේ පාසල අවසන් වී ඔහු සමඟ කැලයට පැමිණි බව දැරිය පැවසූ බවයි. දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කරන බවත්, සැකකරු  අධිිකරණයට ඉදිරපත් කරනබවත් සාලියපුර පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!