spot_img
spot_imgspot_img

හම්බන්තොට, මෝටර් රථ නිෂ්පාදන කම්හලක් පිහිටුවන්න චීනය සැරසෙයි

පුවත්

විදෙස්

හම්බන්තොට වරාය ආශ්‍රිතව මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීම සඳහා චීනයේ සමාගම් දෙකක අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධ ශක්‍යතා අධ්‍යයනයට එම සමාගම් හම්බන්තොට වරාය පරිපාලනය වෙත යෝජනා ඉදිරිපත් කර ඇත. මේ ව්‍යාපෘතිය සඳහා වන ආයෝජනය අවම වශයෙන් ඩොලර් බිලියන 10-15ත් අතර අගයක් ගනු ඇතැයි,  චීනයේ එක් තීරයක් මාවතක් වැඩසටහනේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා වන යසිරු රණරාජා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් කියා ඇත.

ඔහු පවසන කරන ආකාරයට මේ වනවිට හම්බන්තොට වරාය හරහා නැගෙනහිර ආසියාව, අප්‍රිකාව සහ ඇමෙරිකානු කලාපය වෙත සිදු කරන RORO (Roll-on/roll-off) මෙහෙයුම් (නෞකා මගින් සිදුකරන මෝටර් රථ ප්‍රවාහනය) වර්ධනය වීම හේතුවෙන් මෙවැනි අවධානයක් යොමුව ඇත

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යසිරු රණරාජා පවසන්නේ “හම්බන්තොට වරායේ වර්තමාන මෙහෙයුම් භාරව කටයුතු කරන චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම (CM Port) යටතේ වසර දෙකක පමණ කාලයක් ඇතුළතදී එහි සිදු කරන RORO මෙහෙයුම් 300%කින් ඉහළ ගිහින් තිබෙනවා. මේ තත්ත්වය අනුව හම්බන්තොට වරාය ආශ්‍රිතව මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීම වඩාත් වාසි දායක අවස්ථාවක් බව අදාළ සමාගම් අදහස් කරනවා.”

මෝටර් රථවල එන්ජින් සහ ජියර පද්ධති චීනයෙන් මෙරටට ගෙන්වා මෙරට දී අනෙක් කොටස් සැකසීමට අපේක්ෂිතය. එම මෝටර් රථ අප්‍රිකාව, නැගෙනහිර ආසියාව සහ දකුණු ඇමෙරිකානු කලාපයේ රටවලට අපනයනය කිරීමට එම සමාගම් බලාපොරොත්තු වෙයි.

එසේම චීන මෝටර් රථ නිෂ්පාදකයන් ශ්‍රී ලංකාවේ ස්ථානගතවීම ඉන්දියානු වෙළෙඳ පොළ වෙත චීන නිෂ්පාදන යැවීම සඳහා අවස්ථාවක් කරගත හැකි බව ද යසිරු රණරාජා සඳහන් කළේය. විශේෂයෙන්ම ඉදිරියේදී වර්ධනය වන ඉන්දියානු ආර්ථිකය වෙත අවශ්‍ය පහසුකම් සැලසීමේ දී ශ්‍රී ලංකාව වෙත වැඩි කාර්යයක් සිදුකළ හැකි බවත්, එහිදී ඉන්දියානු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ශ්‍රී ලංකා – ඉන්දියා නිදහස් වෙළෙඳගිවිසුම හරහා චීන නිෂ්පාදන ඉන්දියාව වෙත අපනයනය කළ හැකි බවත් ඔහු පවසයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!