spot_img

කොටස් වෙළෙඳ පොළ විශාල වර්ධනයක්

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 34,042ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,438ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 198ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,642ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 369
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 291
  • හේමාස් සමාගම රුපියල් මිලියන 237

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 12
  • අමානා බැංකුව කොටස් මිලියන 06
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්‍හෝල් සමාගම කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඩර්ඩ්න්ස් සමාගම (වරණීය) 46%
  • නේෂන්ස් ලංකා සමාගම 20%
  • ට්‍රාන්ස් ඒෂියා සමාගම 19%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සීඅයිසී සමාගම (X) කොටස් 450,000ක් රුපියල් 58.00 බැගින්
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොටස් 1,689,000ක් රුපියල් 70.50 බැගින්
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 2,100,000ක්  රුපියල් 67.00 බැගින්
  • රිචඩ්පීරිස් සමාගම කොටස් ලක්ෂ 20ක් රුපියල් 23.00 බැගින්
  • ජෝන් කීල්ස් සමාගම කොටස් 485,000ක් රුපියල් 139.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 292
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 211
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 208ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 389ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 181ක මුදලක් කොටස් වෙළෙඳ  පොළෙන් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 86
  • ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 21
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 15

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 202
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 61
  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 43

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles