spot_img
spot_imgspot_img

IMF සහය ලැබුණු විට සිදුවන දේ මෙන්න

පුවත්

විදෙස්

ශ්‍ර ලංකාව අපේක්ෂිත විස්තීර්ණ මූල්‍ය පහසුකම් හිමිකරගත හැකි තත්වයක් උදා වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (07) නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් මේ වනවිට ලැබී තිබීම හේතුවෙන් IMF පහසුකම් ලබාදීම කෙරෙහි සළකා බැලීම මාර්තු 20 වැනි දා එහි විධායක මණ්ඩල රැස්වීමේ දී සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා රජය 2022 සැප්තැම්බර් 01 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවලට එළැඹී තිබිණි. ඒ අනුව මූල්‍ය පහසුක්ම ලබාගැනීමට සුදුසුකම් හිමිකරගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දන්වා ඇත. මෙම අනුමැතිය හිමිවුවහොත් ශ්‍රී ලංකාවට අනිකුත් පාර්ශවයන්ගෙන් ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත. දැනට ණය ගෙවීම සම්බන්ධයෙන් අසාදු ලේඛන ගතවී බරපතල මූල්‍ය අර්බුදයකට ගොදුරු වී තිබෙන ශ්‍රී ලංකාවට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් ණයහිමියන්ගේ සහාය හිමිවනු ඇත. එය ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා විශාල රුකුලක් වන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

එමගින් ශ්‍රී ලංකාවේ බලධාරීන් බලාපොරොත්තුවන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකරගෙන යෑමට අවස්ථාවක් හිමිවනු ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!