spot_img
spot_imgspot_img

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 12,063ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,414ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 10ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,188ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 203
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 193
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 784

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • යුනියන් බැංකුව කොටස් මිලියන 05
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාම කොටස් මිලියන 4.9
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං  සමාගම 14%
  • මුලර්ස් සමාගම  09%
  • රෝයල් ෆාර්ම්ස් සමාගම 08%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 370,000ක් රුපියල් 139.00 බැගින්
  • ලංකා අයිඕසී සමාගම කොටස් ලක්ෂ 07 රුපියල් 200.00 බැගින්
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම කොටස් ලක්ෂ 03ක්  රුපියල් 139.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 348
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 186

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 115ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 81ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 34ක මුදලක් කොටස් වෙළෙඳ  පොළට ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 37
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 16
  • බුකිට් ධාරා සමාගම රුපියල් මිලියන 08

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • යුනියන් බැංකුව සමාගම රුපියල් මිලියන 17
  • ‍ලංකා ලුබ්‍රිකන්ට් සමාගම රුපියල් මිලියන 14
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 11

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!