spot_img
spot_imgspot_img

රාජ්‍ය සේවයේ විශ්‍ර්‍රාම වැටුප අහෝසියි ? අරමුදලට දායක වී ප්‍රතිලාභ ගත හැකියි

පුවත්

විදෙස්

රාජ්‍ය සේවයට 2016 වර්ෂයෙන් පසු බඳවාගන්නා ලද සියලු දෙනාට හිමිවන්නේ ජාතික දායකත්ව විශ්‍රාම අරමුදලකින් ලැබෙන විශ්‍රාම දීමනාවක් බව මෙම සතියේ කැබිනට් තීරණ දැනුම් දී‍මේ මාධ්‍ය සාකච්ඡාවේ දී හෙළිදරව් විය.

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන එම රැස්වීමේ දී කීවේ ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිකරීමට අදාළ පනත් කෙටුමපත් සකස් කිරීමට, නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අනුමත කළ බවයි.

විශ්‍රාම ගන්නා රාජ්‍ය සේවකයන් සඳහා විශ්‍රාම වැටපුක් සහ ප්‍රතිලාභ ලබාදීම මෙහි අරමුණ වී ඇත. රාජ්‍ය සේවකයකු සේවයට එක්වීමෙන් පසු ඔහුගේ මූලිකක වැටුපෙන් 8%ක් සහ සේවායෝජකයාගේ දායකත්වය වශයෙන් 12%ක් මාසිකව මෙම යෝජිත අරමුදලට බැර කිරීමට සිදුවෙයි. එම අරමුදල පවත්වාගෙන යාම ස්වාධීන ආයතනයක් පිහිටුවීමට නියමිතය. 

2016 ජනවාරි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බඳවාගන්නා ලද අයගේ පත්වීමේ ලිපියේ සඳහන් වන්නේ ඔවුන් රජය විසින් තීරණය කරනු ලබන විශ්‍රාම ක්‍රමයකට යටත් විය යුතු බවයි  ඒ අනුව ඔවුන්ට ද මෙම යෝජිත ක්‍රමයට සම්බන්ධ වීමට සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!