spot_img
spot_imgspot_img

වසන්ත මුදලිගේ ඇතුළු 62ක් රිමාන්ඩ්

පුවත්

විදෙස්

අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ (23) ඇතුළු වී එහි තිබූ පොදු දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා 08ක් යටතේ අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු ගිහි සිසුන් සහ ශිෂ්‍ය භික්ෂූන් 62කු ලබන 27 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කඩුවෙළ වැඩබලන මහේස්ත්‍රාත් සුජීව ගුණතිලකඅද (24) නියෝග කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පොදු දේපලවලට හානි සිදු කිරීම, අයුතු ලෙස අමාත්‍යාංශය තුලට ඇතුළු වීම, එහි රාජකාරි සිදුකල නිළධාරීන්ට බාධා සිදු කිරීම සහ අඩත්තේට්ටම් සිදු කිරීම , අයුතු ජන රාශිය සාපරාධී බිය ගැන්වීම, කුමන්ත්‍රණය යන චෝදනා යටතේ මොවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ දේපලවලට රුපියල් එක්ලක්ෂ අනූ එක් දහසක අලාභයක් සිදුව ඇති බවද තලංගම පොලිසිය අධිකරණය වෙත කරැණු දක්වන ලදී

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භික්ෂු සිසුන් 54 ක් සහ ගිහි සිසුන් 08 දෙනෙකු මෙම පිරිසට අයත් විය

මෙහිදී පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ අත් අඩංගුවට ගත් සැකකරුවන් මෙම වැරැදිවලට අමතරව රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යා නොහැකි ලෙස නිරන්තරයෙන් කටයුතු කරන බැවින් සැකකරුවන් බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන ලෙසයි

සැකකරුවන් වෙනුවෙන්  නීතිඥවරුන් වන කමල් විජේසිරි නුවන් බෝපගේ නුවන් ජයවර්ධන ජයනනන්ද සමරකෝන් ඇතුලු 40 දෙනෙකුගෙන් යුත් නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!