spot_img
spot_imgspot_img

“අපිට මොකද වුණේ ?” දේශපාලන සම්මන්ත්‍රණය

පුවත්

විදෙස්

“අපිට මොකද වුණේ?” මැයෙන් කෙරෙනා දේශපාලන අධ්‍යාපන සම්මන්ත්‍රණය කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී මාර්තු මස 02  දින සවස 3.00ට පැවැත්වෙයි.

මෙය සංවිධානය කර ඇත්තේ ජනමිත්‍ර මහජන සාමූහිකය විසිනි. එම සංවිධානය වසර 06ක් පුරා පක්ෂ දේශපාලනය පිටුදැකිය යුතුය යන්න සම්බන්ධයෙන් විවිධ අධ්‍යාපනික වැඩසටහන්  පවත්වා ඇත. ඔවුන් පවසන්නේ “විසුරුණු ඇත්ත ජනතා අතපල්ලෙන් බිමට වැටී ඇති බැවින් එය එකළස් කර නැවත අසුලා ගන්නා තෙක් අර්බුදයෙන් ගොඩ ඒගත නොහැකි බැවින් විසිරුණු ඇත්ත එකළස් කිරීම වෙනුවෙන්” මෙම සම්මන්ත්‍රණය පවත්වන බවයි. .

“ජනමිත්‍ර හඬ” නමින් ආරම්භ වූ මෙම මතවාදී අරගලය මහජන සාමුහිකය ලෙස දොරට වඩිනුයේ ලාංකේය දේශපාලනයේ මහා පුනුරුත්තාපන සංගායනාවක් ඉල්ලක්ක කරගෙන බව එහි කැඳවුම්කරු ජයවික්‍රම සූරිය බණ්ඩාර පවසයි.

දේශපාලන අධ්‍යාපනයකින් ජනතාව බලාත්මක කරනතුරු මේ රට අර්බුදයෙන් මුදවාගත නොහැකි බව හෙතෙම පවසයි. එබැවන් මෙලෙස ජනතාව දැනුමවත් කිරීමේ සමමන්ත්‍රණ පවත්වන බව ද හෙතෙම කීවේය.

ඒ බැවින් අලුත් රටක්! සහ අලුත් පරපුරක් අපේක්ෂා කරනා ජනමිත්‍ර මහජන සාමුහිකය විසින් දියත් කරන මෙම දේශපාලන අධ්‍යාපන සම්මන්ත්‍රණය සඳහා යහපත් රටක් අපේක්ෂා කරනා දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගී වන ලෙසද සූරියබණ්ඩාර ආරාධනා කර සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!