spot_img
spot_imgspot_img

කොරියාවේ රැකියා සිහිනය කිහිප ගුණයකින් ඉහළ යයි

පුවත්

විදෙස්

කොරියාවේ රැකියා සඳහා තෝරාගැනීමට 2023 වර්ෂයේ පැවැත්වෙන කොරියානු භාෂා පරීක්ෂණය සඳහා තරුණ තරුණියන් 85,072ක් අයදුම් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම විභාගය සඳහා පසුගිය වසරේ ඉදිරිපත් වූ සංඛයාව 31,378කි. මෙවර එම සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ විභාගය සඳහා මේ වනවිට ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම ආරම්භ කර ඇති බවයි. ඒ අනුව 13,000කට අධික පිරිසකට දැනටමත් විභාග පවේශපත්‍ර ලබා දී තිබේ.

නිෂ්පාදන ක්ෂේත්‍රෙය් රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය ලබන මාර්තු මස 13 වැනි දින ආරම්භ වීමට නියමිතය. ධීවර ක්ෂේත්‍රෙය් රැකියා සඳහා විභාගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 01 වැනි දා ය.

මෙම කොරියානු භාෂා පරික්ෂණ විභාගය සහ විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!