spot_img
spot_imgspot_img

මැතිවරණය ගැන අවසන් තීරණය හෙට

පුවත්

විදෙස්

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වැනි දා පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හෙට (24) රැස්වී තීරණයක් ගන්නා බව එහි සභාපති නීතිඥ නිමල්  ජී. පුංචිහේවා පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධ තීරණය ගත්තේ කොමිසමේ සාමාජිකයන් 05 දෙනා‍ම රැස්වී ඒකමතිකව බවයි. එමෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් නිකුත්කරන ලද ගැසට් නිවේදන සඳහා සාමාජිකයන් 05 දෙනාම අත්සන් කළ බව ද ඔහු කීවේය.

මැතිවරණය සම්බන්ධයෙන් හෙට නැවත සාකච්ඡා කර තීරණය දැනුම් දෙන බව ද සභාපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!