spot_img
spot_imgspot_img

තුර්කි භූමිකම්පාවේ මරණ 30,000ට ආසන්න වෙයි. ශ්‍රී ලාංකික කතකගේ සිරුරත් හඳුනාගනී

පුවත්

විදෙස්

තුර්කියේ සිදු වූ භූමිකම්පාවෙන් මියගිය පිරිස මේ වනවිට 29,000 ඉක්මවා ගොස් තිබේ.

මෙතෙක් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකගේ මළ සිරුරක් ද සොයාගෙන් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක් ව කාන්තාවකි. ඇය මහනුවර ගලගෙදර පදිංචිව සිටි බවත් වසර 20කට පමණ පෙර තුර්කියට ගොස් ඇති බවත් වාර්තා වේ. තුර්කියේ ම වෙනත් ප්‍රදේශයක සිටින ඇගේ දියණියක විසින් මළ සිරුර හඳුනාගෙන තිබිණි.

භූමිකම්පාවෙන් තුර්කියේ සිදුවූ මරණ ගණන 24,500 ඉක්මවා ඇති අතර සිරියාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 3,500කි.

විදෙස් මාධ්‍ය පවසන්නේ සිරි‍යාවේ මරණ සංඛ්‍යා පිළිබඳ දත්ත පසුගිය සිකුරාදා දිනයෙන් පසු යාවත්කාලීන වී නොමැති බවයි.

මේ අතර ආරක්ෂාව පිළිබඳ ගැටලු ඇති බව කියමින් ජර්මනියේ සහ ඔස්ට්‍රියාවේ මුදාගැනීමේ කණ්ඩායම් සිය මෙහෙයුම්වලින් ඉවත්ව තිබේ. ඔවුන් පවසන්නේ තුර්කියේ විපතට පත් හතායි කලාප තුළ විවිධ කණ්ඩායම් අතර ගැටුම් ආරම්භ වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!