අත්‍යවාශ්‍ය ඖෂධ වර්ග 1550ක පමණ හිඟයක් ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර කියා සිටියේ දැනට පවතින අත්‍යාවශ්‍ය ඖෂධ තොග අවසන් වෙමින් පවතින බවයි.
රුපියල් බිලියන 322ක මුදලක් පසුගිය අයවැයෙන් ඖෂධ සඳහා වෙන්කර ඇතැයි කීව ද එම මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නොලැබීමෙන් මේ ඖෂධ හිඟය නිර්මාණය වී තිබේ. හෘද සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ, පිළිකා සඳහා ලබාදෙන ඖෂධ, නිර්වින්දන ඖෂධ, හදිසි අනතුරු සේවාවන් සඳහා අවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 150ක් පමණ මේ වනවිට හිඟ තත්වයක් උදා වී ඇත.
මෙම තත්වය හේතුවෙන් දැනටමත් රජයේ රෝහල්වල සැළසුම්කර දින වෙන්කර සිදුකරන සැත්කම් සියල්ල නතර කිරීමට සිදුවන තත්වයක් ඇති අතර හදිසි සැත්කම් පමණක් සිදුකරයි.