spot_img
spot_imgspot_img

රාජ්‍ය සේවකයෝ වැඩ වරති

පුවත්

විදෙස්

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති රැසක් අද (08) වැඩ වර්ජනයක නිරතවෙයි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ මේ ‍රටේ වෘත්තීය වේදීන් අද (08) ලබාදෙන පණිවිඩය දේශපාලනඥයන් හොඳින් කියවා තේරුම්ගත යුතු බවයි. මේ පණිවිඩය බදු පිළිබඳ, රැකියාව පිළිබඳ පමණක් ප්‍රශ්නයක් නොවන බවත් එය අධ්‍යාපනය, අනාගතය, සමාජ සුබසාධනය යන සියලු අංශයන්ගේ කඩා වැටීම පිළිබඳ ප්‍රශ්නයක් බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

අද (08) උදෑසන 8.00 සිට රජයේ රෝහල්වල සියලු වෛද්‍යවරු පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරතවන අතර එම කාලය තුළ දී පුද්ගලික ‍චැනල් සේවාවලින් ද වැළකී සිටින බව වෛද්‍යවරු කියති.  මීට අමතරව සියලුම ප්‍රාදේශීය ලේකම්වරු, සහකාර ප්‍රාදේශීය ලේකම්වරු අද ලෙඩ නිවාඩු ගෙන සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටිති.

කොළඹ හයිඩ් පිටියේදී දැවැන්ත විරෝධතා රැලියක්ද සංවිධානය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කීවේය..

මේ අතර නව බදු සංශෝධනයට එරහිව බැංකු සේවකයින්ද අද දහවල් 12.30 සිට සේවයෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංන්ජන් සේනානායක සඳහන් කළේය. වරාය සේවකයින්ද අද දිනයේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව  ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!