කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (07) දිනයේ ගනුදෙනු 14,342ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,222ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 124ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,975ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 764
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 302
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 126
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 13
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 05
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- නේෂන්ස් ලංකා සමාගම 20%
- කෙල්සි ඩිවෙලොපර්ස් සමාගම 15%
- ක්රිස්වරේල්ඩ් සමාගම 09%
සංවෘත කවය තුළ කොටස් ගනු දෙනු වූ සමාගම්
- හැටන් නැෂනල් බැංකුව කොටස් මිලියන 468,000ක් රුපියල් 92.50 බැගින්
- ලංකා ටයිල් සමාගම කොටස් ලක්ෂ 12ක් රුපියල් 45.00 බැගින්
- ලංකා ලුබ්රිකන්ට් සමාගම කොටස් ලක්ෂ 02ක් රුපියල් 107.00 බැගින්
- ජෝන් කීල්ස් සමාගම කොටස් ලක්ෂ 03ක් රුපියල් 145.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 370
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 1,021ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 342ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 679ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 352
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 287
- ටෝකියෝ සිමෙන්ට් සමාගම (X) රුපියල් මිලියන 18
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 2.5
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ