spot_img

කො‍ටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (17) දිනයේ ගනුදෙනු 17,403 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,246ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 113ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,376ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 246
  • සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 168
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 152

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 17
  • සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 16
  • එල්ඕඑල්සී ෆයිනෑන්ස් සමාගම කොටස් මිලියන 15

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං  සමාගම (X) 33%
  • ගෙස්ට්ටෙට්නර් සමාගම 17%
  • එක්ස්පෝ ලංකා සමාගම  11%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව කොටස් 300,000ක් රුපියල් 78.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 376
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 27ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 69ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 42ක මුදලක් කොටස් වෙළෙඳ  පොළෙන් ඉවත්කරගෙන තිබිණි. 

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 04
  • සියරා කේබල් සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 48
  • මර්චන්ට් බැංකුව රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles