spot_img
spot_imgspot_img

ඇමෙරිකාව විසින් රටක් මිල දී ගත් හැටි – අද වැනි දවසක් (ජනවාරි 17)

පුවත්

විදෙස්

ඇමෙරිකාව ආසන්නයේ කැරිබියන් දූපත් සමූහයේ ඇති එක්සත් ජනපද වර්ජින් දූපත් ඩෙන්මාර්කය විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට ඩොලර් මිලියන 25කට විකුණා දමන ලද්දේ 1917 ජනවාරි 17 වැනි දා, එනම් අද වැනි දිනක දී ය.

මෙය රටක් තවත් රටකට විකුණා දැමූ ඓතිහාසික  සිද්ධියකි.

එක්සත් ජනපද වර්ජින් දූපත් සමන්විත වන්නේ ශාන්ත ක්‍රොයික්ස්, ශාන්ත ජෝන් සහ ශාන්ත තෝමස් යන ප්‍රධාන දූපත් තුනෙන් සහ අවට කුඩ දූපත් 50කිනි එහි සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 346.36කි.

මෙම දූපත් ඩෙන්මාර්කයට අයත්ව තිබූ අතර ඒව 1754-1814 දක්වා ඩෙන්මාර්ක බටහිර ඉන්දීය කොදෙව් ලෙස හැඳින්විණි. 1814 – 1917 දක්වා එය ඩෙන්මාර්කයේ ස්වාධීන රාජධානිය ලෙස හැඳින්විණි. 1917 දී ඩෙන්මාර්කය මේ දූපත් ඇමෙරිකානු ඩොලර් මිලියන 25කට විකුණා දැමීමෙන් පසු ඒව එක්සත් ජනපද වර්ජින් දූපත් ලෙස හඳුන්වන්නට විය.

සංචාරක ව්‍යාපාරය සහ ඒ ආශ්‍රිත කටයුතු මෙහි මූලික ආර්ථික ක්‍රියාකාරකම් ය. 1493 ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් මේ දූපත් සොයා ගැනීමෙන් පසු එය Santa Ursula y las Once Mil Virgen’s ලෙස නම්කරන ලදී. පසුව මේ දූපත් වර්ජින් දූපත් ලෙස කෙටියෙන් හැදින්වීම ඇරඹී තිබේ. මෙම දූපත් මුලින් ම ජනාවාස වී ඇත්තේ සිබෝනි සහ අරවාක්ස් වරන්ගෙනි. දූපතේ මානව ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 1,000 දක්වා අතීතයකට දිවයන බව ද පැවසේ.

ක්‍රිස්ටෝපර් කොලොම්බස්, 1493 දී ඔහුගේ දෙවන මුහුදු ගමනේදී, දූපත් දුටු ප්‍රථම යුරෝපීයයා ලෙස සැලකෙන අතර, එම දූපත්වලට ඒවායේ වර්තමාන නම ලබා දී ඇත්තේ ද කොලොම්බස් විසිනි. පසුව ස්පාඤ්ඤ ජාතිකයින් 1555 දී පදිංචි වූ අතර ඉංග්‍රීසි සහ ප්‍රංශ පදිංචිකරුවන් 1625 සිට ශාන්ත ක්‍රොයික්ස් වෙත පැමිණියහ. ඉන් පසු ස්පාඤ්ඤය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ නෙදර්ලන්තය අතර දූපත් පිළිබඳ මතභේද ඇති විය.

නෝර්වේ සහ ඩෙන්මාර්කය මේ දූපත් ගැන උනන්දුවක් දැක්වූ අතර ඩෙන්මාර්ක බටහිර ඉන්දීය සමාගම 1672 දී ශාන්ත තෝමස් සහ 1694 දී ශාන්ත ජෝන් හි පදිංචි විය. පසුව 1733 දී ප්‍රශ ජාතිකයන් ශාන්ත ක්‍රොයික්ස් මිල දී ගන්නා ලදී. මේ දූපත් රාජකීය ඩෙන්මාර්ක ජනපදයක් බවට පත්විය.  

1916 දෙසැම්බර් මාසයේ දී ඩෙන්මාර්කයේ ජනමත විචාරණයක් පවත්වා දූපත් විකිණීමේ කැමැත්ත විමසූ අවස්ථාවේ ඩෙන්මාර්ක ජනතාව බහුතරයක් කියා සිටියේ දූපත් විකුණා දැමිය යුතු බවයි. ඒ අනුව 1917 ජනවාරි 17 වැනි දින ඔවුන් ගිවිසුම් ගත වී දූපත් ගනුදෙනුව අවසන් කෙරිණි.

1917 මාර්තු 31 වන දින එක්සත් ජනපදය මෙම දූපත් අත්පත් කර ගත් අතර, එම ප්‍රදේශය එක්සත් ජනපදයේ වර්ජින් දූපත් ලෙස නම් කරන ලදී .  සෑම වසරකම, එක්සත් ජනපදය විසින් දූපත් අත්පත් කර ගැනීම සැමරීම සඳහා ජනවාරි 17 වැනි දිනය නිවාඩු දිනයක් ලෙස පිළිගෙන ඇත.

1927 සහ 1932 දී දිවයිනේ බොහෝ වැසියන්ට එක්සත් ජනපද පුරවැසිභාවය ලබා දෙන ලදී.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!