spot_img
spot_imgspot_img

“ධර්මාශෝකේ සල්ලි ගරන කතාව බොරුවක්” යැයි කියූ, සම ලේකම්වරයාත් නීති විරෝධී මුදල් ගෙවීමක් කරලා

පුවත්

විදෙස්

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නීතිවිරෝධී ලෙස කිසිම මුදලක් එකතු කරන්නේ නැතැයි කියමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සම ලේකම් දෙව්රොහාන් රාජපක්ෂ ද 12 ඒ ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දරුවා වෙනුවෙන් පන්තිභාර ගුරවරයාට අනීතික මුදල් ගෙවීමක් කර ඇතැයි rata.lk වෙත වාර්තා වෙයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ඇතුළු පිරිසක් පුන පුනා කියා සිටියේ තම කීර්තිමත් විද්‍යාලයේ කිසිම නීති විරෝධී මුදලක් මාධ්‍යයෙන් කියන පරිදි අය කර නොගන්නා බවයි. rata.lk වෙබ් අඩවිය ඇතුළු මාධ්‍ය මගින් අනාවරණය කළ මුදල් ජාවාරම විද්‍යාලයේත්, විදුහල්පතිනි සනෝජා ජයවික්‍රමගේත් කීර්ති නාමය විනාශ කිරීමට කරන බොරු ප්‍රචාරයක් බවත් ඔහු කීවේය.

නීති විරෝධී මුදල් එකතුකිරීම් සිදුකළ හෝටල් හිමිකරුවාගේ නම, ලිපිනය, මුදල් දැමූ ගිනුම් අංකය පවා තිබිය දී ඔහු මුදල් එකතුකර ඇත්තේ විදුහල්පතිනියගේ අනුදැනුමකින් තොරව නම් ඊට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කරන්න යැයි අපි අභියෝග කළ ද අද (16) මෙම මොහොත වන තුරුත් එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් වී නැත.

නමුත්, අප කළ සොයාබැලීමක දී අනාවරණය වන්නේ ධර්මාශෝක විද්‍යාලයේ අනීතික ලෙස කිසිදු මුදලක් අය නොකරන බවට සපථ කළ ආදි ශිෂ්‍ය සංගමයේ සම ලේකම් දෙව්රොහාන් රාජපක්ෂ ද 12ඒ ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දරුවා අත විදුහලට රුපිියල් 2,100.00ක මුදලක් යවා ඇති බවිය.

මෙම මුදල් එකතුකර ඇත්තේ පන්තිභාර ගරුවරු ගුරුවරියන් විසිනි. එම මුදල්වලට කිසිදු රිසිට්පතක් නොලැබුණු බව ද දෙමාපියෝ චෝදනා කරති. විද්‍යාගාර ගාස්තු ලෙස බව සඳහන් කරමින් උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයයන් හදාරණ දරුවන් 350කට ආසන්න පිරිසකගෙන් මෙලෙස රුපියල් 2,100.00 බැගින් එකතුකර තිබේ. එකතු වී ඇති මුදල රුපියල් 735,000.00ක් පමණ වෙයි.

මේ පිළිබඳ සාක්ෂි ද අප සතුව ඕනෑ තරම් තිබේ. අප මේ ගැන විමසීමට විදුහල්පතිනි සනෝජා ජයවික්‍රම ඇමතීමට පාසලට ඇමතුම් ගත්ත ද ඇයගේ කාර්යාලයෙන් ලැබුණු පිළිතුර වූයේ ආදි ශිෂ්‍ය සංගමයේ පිරිසක් සමඟ විදුහල්පතිනිය කොළඹ ගිය බවයි එම රාජකාරිය කුමක් ද යන්න ඔවුන් පවසන්නේ නැත.

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට විභාග ප්‍රවේශ පත්‍ර ලබාදීම සිදුකරන විටත් විදුහල්පතිනිය පාසලේ නොසිටියාය. කාර්යාලයේ නිලධාරීන් පවසා ඇත්තේ “සල්ලි එකතුකරනවා කියලා මාධ්‍යවලින් යන ප්‍රචාර නිසා මැඩම් ඉනනේ කළකිරිලා.” යනුවෙනි. දෙමාපියන් මෙන්ම ගුරුවරියන් ද පවසන්නේ උසස් පෙළ විභාග ප්‍රවේශපත්‍රය පිරිනැමීමේ දී ධර්මාශෝක විද්‍යාලයේ සම්ප්‍රදායන් කිහිපයක් ම ක්‍රියාත්මක වූූ බවයි. ආගමික වතාවත් සිදුකර විදුහල්පතිගේ ආශිර්වාදය පිරිනමා දරුවන්ට විභාග ජය පැතීමෙන් අනතුරුව විභාග ප්‍රවේශපත්‍ර පිරිනැමීම සිදුකළ ද විදුහල්පතිනිය ඒ සියල්ල මඟහැර ඇතැයි දෙමාපියෝ චෝදනා කරති.

මෙම පුවත සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයකට යම් අගතියක් සිදුවන්නේ නම් ඔවුන් විසින් කරනු ලබන කරුණු පැහැදිළි කිරීම ද මේ ආකාරයේ ම ඉඩක් ලබාදෙමින් පළකිරීමට අපි බැඳී සිටින්නෙමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!