spot_img
spot_img

කොළඹ පැවති විරෝධතාවට පොලිසියෙන් ප්‍රහාරයක්

පුවත්

විදෙස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (16) දහවල් සංවිධානය කර තිබූ විරෝධතා  පා ගමනට කොල්ලුපිටිය ප්‍රදේශයේ දී ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කිරීමට පොලිසිය කටයුතු කළේය.

තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසළින් මේ පා ගමන ආරම්භ කෙරිණි. ත්‍රස්ත පනත අහෝසි කරන ලෙසත්, බදු බර සහ බඩු මිල පහත හෙළන ලෙසත් ඔවුන් ඉල්ලා සිටි අතර ප්‍රධාන සටන් පාඨයක් වූයේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසයි.

මෙම පා ගමන ගාලු මුවදොර දක්වා ගොස් එම ස්ථානයේ විරෝධතා පැවැත්වෙන බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර එය වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබිණි එම නියෝගය මගින් ලිප්ටන් වටරවුමේ සිට යුනියන් පෙපදෙස හරහා ගාලු මුවදොර දෙසට පා ගමන ඇතුළුවීම වළක්වා තිබිණි. එම නියෝගයේ වැඩිදුරටත්  සඳහන් වූයේ ගාලු මුවදොරට ඇතුළුවීමකින් තොරව උද්ඝෝෂකයන්ට විරෝධතා සිදුකිරීමට බාධාවක් නොවන බවයි. ‍

විරෝධතා පා ගමන ගාලු මුවදොර දෙසට ගමන් කරමින් සිටිය දී පොලිසිය මෙම ප්‍රහාර එල්ල කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!