spot_img
spot_imgspot_img

මෛත්‍රී ඇතුළු පිරිස ගෙවිය යුතු, වන්දි මුදලට සිදුවන දේ මෙන්න

පුවත්

විදෙස්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලබාදීම සඳහා වූ අරමුදල පිහිටුවන ලෙස හානි පූරණය සඳහා වන කාර්යාලයේ ප්‍රධානී ධාරා විජේතිලක වෙත නීතිපපත සංජය රාජරත්න විසින් ලිඛිත දැනුම්දීමක් කර තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පස් දෙනකු වරදකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 12 වැනි දා ලබාදුන් තින්දුව අනුව මෙම උපදෙස් දී ඇත.

නඩුවේ වගඋත්තර කරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර ඇති පරිදි අදාල වන්දි මුදල් ගෙවීම සඳහා අරමුදලක් පිහිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවෙන් නියම කර ඇති බවත්, එම වන්දි මුදල් එම අරමුදලට බැර කළ යුතු බවත් මෙම ලිපිය මගින් දන්වා ඇත. වගඋත්තරකරුවන් විසින් එම මුදල් ගෙවීමේ විස්තර සම්බන්ධ වාර්තාවක් මාස 06ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපපත් කළ යුතුව ඇත.

එලෙස අරමුදලට ලැබෙන මුදල් වින්දිතයන්ගේ පවුල්වලට සාධාරණව සහ සමානව වන්දි වශයෙන් ගෙවීම කළ යුතු බව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති වන්දි මුදල් නොගෙවීම හෝ අඩුවෙන් ගෙවීම සම්බන්ධයෙන් ද ඉදිරිපත්ව තිබෙන චෝදනා ගැන ද විමර්ශනයක් කළ යුතු බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි. එම කරුණ සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද ධාරා විජේතිලක වෙත නීතිපති වරයා දැනුම් දී ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී තිබිය දී එය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කෝටි 10ක්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කෝටි 7.5ක්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිල්නත ජයවර්ධන කෝටි 7.5ක්, හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු කෝටි 05ක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් කෝටියක් වශයෙන් ඔවුන්ගේ පුද්ගලික මුදලින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවීම සඳහා අලුතෙන් පිහිටුවනු ලබන අරමුදලට ගෙවිය යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් කර ඇත.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!