spot_img
spot_imgspot_img

“හිඟ මුදල් ගෙවන තුරු රාජකාරී බෑ” – පොලිස්පති මැතිවරණ කොමිසමට කියයි

පුවත්

විදෙස්

පසුගිය මහා මැතිවරණයේ දී පොලිස් රාජකාරී සඳහා ගෙවිය යුතු මුදල් මෙතෙක් ගෙවා නොමැති බැවින් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා යෙදවීම ගැටලුවක් වී ඇතැයි පොලිස්පතිවරයා පවසයි.

පොලිස්ති සී.ඩී.වික්‍රමරත්න මේ බව මැතිවරණ කොමිසම හමුවේ කියා ඇත. පොලිස්පතිවරයා මේ බව කියා ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ දී පළාත් පාලනමැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවක දී ය.

ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුව ද මූල්‍ය ගැටලුවකට මැදිව සිටින බවයි. පළාත් පාලන මැතිවරණ රාජකාරී ආරම්භ කිරීමට පෙර පසුගිය මැතිවරණය සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට අයවිය යුතු මුදල ප්‍රතිපූර්ණය කරන්න යැයි ද මැතිවරණ කොමිසමෙන් පොලිස්පතිවරයා ඉල්ලීමක් කර තිබේ.

පොලිස්පතිවරයා එහි දී සඳහන් කර ඇත්තේ ගම් මට්ටමින් පැවැත්වෙ මැතිවරණයක් බැවින් ගැටලුවක් ඇතිවුවහොත් පොලිසි විශේෂ කාර්ය බළකාය යෙදවීමට ද සිදුවන බවයි. පාලනය කරගත නොහැකි වුවහොත් හමුදාව කැඳවීමට සිදුවන බව ද එහි දී ඔහු පෙන්වා දී ඇත. පෝස්ටර්, කටවුට් සහ දැන්වීම් ඉවත්කිරීම පොලිසිය කුලී කම්කරුවන් යොදවා සිදුකරන බැවින් ඔවුන්ට මුදල් ගෙවීමට සිදුවන බව ද පොලිසිපතිවරයා මැතිවරණ කොමිසමට පෙන්වා දී ඇත.

මැතිවරණය පොලිසියේ අමතර රාකාරියක් බැවින් ඒ සඳහා නිලධාරීන්ට කරනු ලබන ගෙවීම්, දීමනා සහ අනෙකුත් වියදම් සියල්ල මැතිවරණ දෙපාර්තමේන්තුව හරහා පොලිසිය වෙත ලැබිය යුතුය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!