කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 15,952 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,505ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 71ක් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,262ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම රුපියල් මිලියන 575
- සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම රුපියල් මිලියන 258
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 106
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම කොටස් මිලියන 34
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 5.8
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 5.1
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- රේඩියන්ට් ජෙම්ස් සමාගම 10%
- සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම 07%
- ටාජ් ලංකා හෝටල් සමාගම 07%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- එල්බීෆිනෑන්ස් සමාගම කොටස් 215,000ක් රුපියල් 36.50 බැගින්
- අයිඕසී සමාගම කොටස් 200,000ක් රුපියල් 179.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 331
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 175
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 116ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 07ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 109ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 27
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 15
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 10
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 02
- ලංකා ටයිල්ස් සමාගම රුපියල් මිලියන 01
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ