spot_img
spot_img

ගාල්ලේ SOLO අවුරුදු පොළ

පුවත්

විදෙස්

(Advertorial) හැටන් නැෂනල් බැංකුව විසින් සංවිධානයක කරන ලද SOLO නත්තල් පොළ ඊයේ (24) ගාල්ල මහ නගර සභා භූමියේ දී පැවැත්විණි.

සුළු සහ මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳ කටයුතු සාර්ථක කරගැනීමට ශක්තියක් වීම සඳහා හැටන් නැෂනල් බැංකුව මෙය සංවිධානය කර තිබූ අතර මුදල් භාවිතයකින් තොරව ලංකා QR කේත ක්‍රමයට ගනුදෙනු කිරීම සඳහා වන හැටන් නැෂනල් බැංකුවේ SOLO යෙදුම ප්‍රවර්ධනය කිරීම ද එහි දී සිදුකෙරිණි.

දකුණු පළාතේ ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයන් හි ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයන් සිය භාණ්ඩ තරඟකාරී සහ පහසු මිල ගණන් යටතේ SOLO නත්තල් පොළේ දී අළෙවි කළහ.

හැටන් නැෂනල් බැංකුවේ අළෙවි ප්‍රවර්ධන අංශයේ ප්‍රධානී උපුල් අධිකාරී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසත්, ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු විශේෂ ආරාධිත අමුත්තා ලෙසත් සහභාගී වූ අතර ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් අයි.එස්.සමරකෝන්, හැටන් නැෂනල් බැංකුවේ දකුණු පළාත් ව්‍යාපාර ප්‍රධානී රාජිත විජේනායක, ගාල්ල ශාඛාවේ කළමනාකාරිනී එරංගා අබේවික්‍රම, ගාල්ලේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් ද මේ සඳහා සහභාගී වී සිටියහ.

මෙයට සමගාමීව මාතර නගරයේ ද SOLO නත්තල් පොළක් සංවිධානය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!