spot_img
spot_imgspot_img

වෙරළ දූෂණය කරන සමාගම් ගැන විශේෂ හෙළිදරව්වක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ මුහුදු තීරය අපවිත්‍ර කරන සමාගම් 88ක් සහ නිෂ්පාදන නාම 188ක් ඇති බව ඒ පිළිබඳ සමීක්ෂණයක් සිදු කළ The Pearl Protectors නම් රාජ්‍ය නොවන ලාභ නොලබන පරිසර සංවිධානය පවසයි.

ශ්‍රී ලංකාවේ තෝරාගත් වෙරළ ස්ථාන 16ක් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 31 දෙනකු විසින් සමීක්සණය සිදුකර ඇති අතර එහි දී බස්නාහිර පළාත, දකුණූ පළාත සහ නැගෙනහිර පළාතේ මෙම සමීක්ෂණය සිදුකර ඇත. එහි දී ස්ථාන 13ක් ම බස්නාහිර පළාතෙන් තෝරාගෙන තිබිණි.

මෙම සමීක්සණය සිදුකළ ස්ථාන 16දී තනි තනි අපද්‍රව්‍ය අයිතම 8,057ක් හමුවූ වී ඇත. ඒවා නිෂ්පාදන සමාගම් 88කට අයත් වෙළඳ නාම 188ක් යටතේ ඇති බව සමීක්ෂණය සිදුකළ The Pearl Protectors සංවිධානය පවසයි.

මෙම නිෂ්පාදන නාම වෙළෙඳ නාම, වෙළෙඳනාමයක් නොවන සහ යම් දේශසීමාවක් හරහා බලපෑමක් සිදු කරන ලෙස වර්ග කෙරී ඇත. මේ අතරින් වෙළෙඳනාමයක් සහිත අපද්‍රව්‍ය 85%ක් වෙරළ දූෂණය සඳහා දායක වී තිබේ. වෙළෙඳ නාමයක් නොමැති අපද්‍රව්‍යවල දායකත්වය 13%කි.

ඒ අනුව සමාගම් ලෙස ගත් විට මේ අතරින් යුනිලීවර් සමාගම 14%ක්, කොකාකෝලා සමාගම 10%ක්, සිලෝන් බිස්කට් ලිමිටඩ් (මන්චී) සමාගම 9%ක්, නෙස්ලේ සමාගම 7%, කාර්ගිල්ස් සිලෝන් සමාගම 7%ත්, මැලිබන් බිස්කට්ස් මැනියුෆැක්චර්ස් ලිමිටඩ් සමාගම 6%ක්, පර්ෆෙටි වැන් මෙලේ සමාගම 6%ක්, සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම 5%ක්, හේමාස් හෝල්ඩිංග්ස් සමාගම 4%ක්, ප්‍රීමා සිලෝන් සමාගම 4%ක්, ෆොන්ටෙරා කෝපරේටිව් ගෘප් සමාගම 3%ක්, පෙප්සිකෝ සමාගම 3ක්, ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම 2%ක් සහ මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම 2%ක් ලෙස මෙලෙස සාගරය දූෂණයට ලක් කරන අපද්‍රව්‍ය සඳහා වගකිව යුතු බව හඳනාගෙන තිබේ.

ඒ අනුව මෙම සමීක්ෂණයේ දත්ත පෙන්නුම් කර දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ වෙරළ තීරය තුළ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය නිසා සිදුවන දූෂණය වැළැක්වීම සඳහා මෙම පරිසර දූෂකයන් වෙළෙඳ නාම ප්‍රමාණවත් විසඳුමක් ලබාදිය යුතු බව අවධාරණය කරන බවත් The Pearl Protectors සංවිධානය සඳහන් කරයි.

2018 වසරේදී ස්වේච්ඡාමය ක්‍රමය පදනම්ව සහ ලාභ නොලබන සමුද්‍රීය සංරක්ෂණ සංවිධානයක් ලෙස මෙරටදී පිහිටුවුණු මෙම The Pearl Protectors සංවිධානය මගින් සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා වන ක්‍රියාකාරකම්හි යෙදෙයි. එහිදී ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සහ තරුණ දායකත්වය හරහා තිරසාර භාවිතයන් ප්‍රචලිත කිරීම යනාදිය මෙන්ම දැනුවත් කිරීම මෙන්ම උපදෙස් ලබාදීමද සිදු කරයි.

The Pearl Protectors සකස් කළ මෙම වාර්තාව වෙත https://www.pearlprotectors.org/publications යන වෙබ් ලිපිනය හරහා පිවිසිය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!