ආශු මාරසිංහ සහ ආදර්ශා කරඳන නමැති කාන්තාව අධ්‍යක්ෂ ධූරය දරන සමාගමක ඇති වූ ගැටලුවක් හේතුවෙන් තම සේවාදායකයාට එල්ල කර ඇති අසත්‍ය චෝදනා සම්බන්ධ විමර්ශනයක් කරන්න යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව ආශු මාරසිංහගේ නීතිඥවරයා කීවේය.
ඔහු මේ බව කියා සිටියේ අද (24) කොළඹ අපරාධ විමර්ශන අංශයට ගොස් ඒ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර පිටව යන අවස්ථාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහි දී නීතිඥවරයා මෙසේ ද කීවේය.
“මෙය ඉතාමත් පිළිකුල් සහගත අසත්‍ය චෝදනාවක්, වීඩියෝ සහ ඡායාරූප සංස්කරණය කරලා ව්‍යාජ ලෙස සකස් කරලා තිබෙන බව පෙනී යනවා. මේ කාන්තාවත් මගේ සේවාදායකයාත් අධ්‍යක්ෂ ධූර දරන සමාගමක සිදුවූ ගැටලුවක දී මේ කාන්තාව විශාල මුදලක් ඉල්ලා පසුව මේ චෝදනා කරනවා. අපි දැන් මේ ගැන විධිමත් විමර්ශනයක් කරන්න කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළා.”
මේ සම්බන්ධයෙන් ඊයේ (23) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ ආදර්ශා කරඳන නමැති කාන්තාව කියා සිටියේ තමන් සහ ආශු මාරසිංහ වසර දෙකහමාරක පමණ කාලයක පමණ සිට එකට ජීවත් වූ බවයි. ඔහු තමන්ව දැඩිව පාලනය කළ බව ද වරින් වර පහර දුන් බව ද ඇය කීවාය. මේ අතර ගෙදර ඇතිකරන සුරතල් බල්ලකුගේ අසාමාන්‍යතාවක් දුටු බැවින් තමන් ජංගම දුරකථනය ආශු මාරසිංහගේ කාමරයේ පටිගත වීමට තබා තිබූ බව ද ඇය ඊයේ කීවාය. එහි දධී තමන් දුටුවේ ආශු මාරසිංහ ඔහුගේ ලිංගික ක්‍රියාකාරකම් සඳහා සුරතල් බල්ලා යොදාගන්නා බවයි. එම අවස්ථාවේ දර්ශන බව කියමින් මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කළ හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර ඡායාරූප සහ වීඩියෝ දර්ශන මාධ්‍යවෙත නිකුත් කළාය.
ආශු මාරසිංහගේ නීතිඥයන් පවසන්නේ මේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප සංස්කරණය කර හිතාමතා ම අපහාස කිරීමේ අරමුණින් සැකසූ ඒවා බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කරුණු විමසූ විට ආශු මාරසිංහ කියා සිටියේ මෙය නඩු කටයුතතක් බැවින් ඒ සම්බන්ධ තම නීතිඥයන්ගෙන් විමසීම වඩාත් සුදුසු බවයි.