ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසලේ සිසුන් පිරිසකගේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අනුක්‍රමික අංක මාරු වී ඇතැයි පවසමින් පිළිතුරු ලිවීම ආරම්භ කර පැය භාගයකට පමණ පසු එම ප්‍රශ්න පත්‍ර මාරුකිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
එම ගැටලුවට මුහුණ දී ඇත්තේ සිසුන් 11 දෙනෙකි.
ශාලාවේ විභාග අධීක්ෂණයට යොමුකර සිටි ගුරුවරියට එම වැරදීම සිදුවී ඇති බවත්, පසුව එය නිවැරදි කිරීම සඳහා සිසුන් අතර ප්‍රශ්න පත්‍ර මාරු කිරීමෙන් බරපතල ගැටලුවක් ඇති වූ බවත් දෙමාපියෝ චෝදනා කරති. එම ගැටලුවට මුහුණ දුන් සිසුන් පිරිස විභාගය අවසන් වී සවස 5.00 පමණ වනතුරු විද්‍යාලයේ රඳවාගත් බව ද ඔවුහු කියති.
මෙම සිද්ධියට මුහුණ දුන් එක් සිසුවකු පැවසුවේ තමන් විභාගයට පිළිතුරු ලිවීම ආරම්භ කර විනාඩි 30කට පමණ පසු තම ප්‍රශ්න පත්‍රය රැගෙන වෙනත් අයකුගේ ප්‍රශ්න පත්‍රයක් තමන්ට දුන් බවයි. ඔහු පවසන්නේ තමන්ට පසුව ලැබුණු ප්‍රශ්න පත්‍රයේ කලින් ළමයා විසින් පිළිතුරු 18ක් ලියා තිබුණු බවයි. ඒ පිළිතුරු නිවැරදි දැයි බලා නැවත ලිවීමට සිදු වූ බව ද ඔහු කියයි.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකර දෙන ලෙස දෙමාපියෝ ඉල්ලා සිටිති.