ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු විදේශ ආධාර කප්පාදු කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් USAID වෙතින් අරමුදල් ලැබූ රජයේ ව්‍යාපෘති 12ක් පමණ පවත්වාගෙන යාමේ බරපතල ගැටලුවක් ඇති වී තිබේ.
ඇමෙරිකා අරමුදල් නවතා දමන අවස්ථාව වනවිට මෙරට අධිකරණ අමාත්‍යාංශයේ, මුදල් අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ ව්‍යාපෘති සඳහා සක්‍රීය දායකත්වය ලැබී තිබිණි.
කෘෂිකර්මාන්තය, දේශගුණිකව විපර්යාස, ආපදා පෙර සූදානම්, දේශසීමා ආරක්ෂාව සහ තරුණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය යන ප්‍රධාන වැඩසටහන් 10කට වැඩි සංඛ්‍යාවක් සඳහා රජයේ අයවැයෙන් 1.34% පමණ මුදල්ක USAID වෙතින් වෙන් වී තිබීම ද විශේෂත්වයකි.
2019 වර්ෂයේ සිට ගත වූ වර්ෂ 05ක කාලයේ දී USAID විසින් ශ්‍රී ලංකා රජයේ ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 233.4ක දායකත්වයක් ලබා දී තිබීම ද විශේෂත්වයකි.
ඩොලර් මිලියන 20.4ක් 2019 දීත්, ඩොලර් මිලියන 41.9 ක් 2021 දී සහ 2022 අර්බුද කාලය තුළ ඩොලර් මිලියන 26 ක් ලෙස USAID මෙරටට මූල්‍ය සහයෝගය දක්වා ඇත. පොහොර අර්බුදය මඟහරවා ගැනීම සඳහා USAID 2023 දී ඩොලර් මිලියන 46ක් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කර තිබිණි.
2024 වර්ෂයේ සිට මෙරට වෙළෙඳ පොළ වර්ධනය ශක්තිමත් කිරීමටත් පාලන තන්ත්‍රයේ විනිවිද භාවය ඇතිකිරීඹ සඳහා සහ අමාත්‍යාංශ 04ක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 24.5ක් සහ ඩොලර් මිලියන 18.1ක් ලෙස දායක වී ඇත.
රජය පවසන්නේ එම මුදල් ඇමරිකාව විසින් නවතා දමා ඇති බැවින් ප්‍රධාන රාජ්‍ය ආයතන සමඟසහයෝගීතාවය ඇතුළත් ඩොලර් මිලියන 22.9ක ව්‍යාපෘති සහ ‘කාර්යක්ෂම සහ ඵලදායී යුක්තිය’ නමැති ඇමෙරිකානු ඩොලර් මිලියන 15ක USAID ව්‍යාපෘතිය ද නතර වී ඇත. තව ද ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරි වෙත පුනර්ජනනීය බලශක්තිය සඳහා USAID ඩොලර් මිලියන 19ක දායකත්වයක් දැරූ අතරර එය ද නතර වී ඇත. එම ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විකල්ප අරමුදල් සෙවීමට කටයුතු කරන බව රජය පවසයි.
ඇමෙරිකානු විදේශ ආධාර කප්පාදු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති පවත්වාගෙන යාමට නොහැකිවීම හේතුවෙන් සිදුවිය හැකි අපහමසුතා මඟහරවා ගැනීමට මුදල් අමාත්‍යාංශය ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංංකුව වැනි වෙනත් පරිත්‍යාග ආයතන සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ.