කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (29) දිනයේ ගනුදෙනු 22,919ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,881 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,375ක් ලෙසිනි
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,240
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 381
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 281
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 43
- එක්ස්‍පෝ ලංකා සමාගම කොටස් මිලියන 06
- ෆස්ට් කැපිටල් සමාගම කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්‍හෝල් සමාගම 33%
- සීඅයිටී සමාගම 24%
- එස්එන්බී ලීසිං සමාගම 14 %
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගමේ කොටස් 888,000ක් රුපියල් 44.50 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 370
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 193
- නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 178
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 85ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 84 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 01ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 29
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 16
- එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 13
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 39
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 16
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 05
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ