spot_img

ලොව විශාලත ම ගිනිකන්ද පුපුරා යයි

පුවත්

විදෙස්

ලෝකයේ විශාලත ම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” සක්‍රීය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හවායි හි පිහිටි මෙම ගිනිකන්ද සක්‍රීය වී ඇත්තේ වසර 40කට පසුවය.

ගිනිකන්දේ පුපුරායාම් ඇතිවීමත් සමඟ ඒ අවට ප්‍රදේශයේ ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ. ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය දන්වා ඇත්තේ ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවයි. විධාරණය වීමේ ආරම්භයත් සමඟ ම ගිනිකන්දේ එය ඉතා අවදානම් තත්වයක් දක්වා ඉහළ දමා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මුහුදු මට්ටමේ සිට අඩි 13,679ක් හෙවත් මීටර 4,179ක් ඉහළට නැගී ඇති ගිනි කන්ද වර්ග කිලෝ මීටර 5,179ක භූමි ප්‍රමාණයක පැතිර පවතී.

මෙය පිහිටා ඇති ප්‍රදේශය හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය ලෙස නම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles