තම සේවය අත්හිටුවමින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ ලේඛන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් තම වැඩ තහනම නතර කිරීමේ නියෝගයක් නිකුත් කරන්න යැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ දරුවන්ගේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් සාක්ෂි සහිතව තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවක් කරගනිමින් තම වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇතැයි ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.
තම මූලික අයිතිවාසිකම් කඩවීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 25කට ආසන්න ප්‍රමාණයකගෙන් වෛද්‍යවරයා රුපියල් ලක්ෂ 1,000ක වන්දි මුදලක් ද ඉල්ලා ඇත.
පසුගියසැප්තැම්බර් 19 වැනි දා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ පෝෂණ දත්ත පත්‍රිකා පදනම් කරගෙන වෛද්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශයක් මෙලෙස ඔහුගේ වැඩ තහනම් කිරීමට හේතුවක් කරගෙන තිබිණි.
රටේ පිළිගත් වෘත්තීය සමිති ව්‍යාපාරයක නායකයෙකු ලෙස ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පුද්ගලයින්ට පවතින භාෂණය අයිතියද ආයතන සංග්‍රහය හෝ වෙනයම් චක්‍රලේඛයකින් හෝ සීමා කළ නොහැකි බවට වෛද්‍ය චමල් සංජිවගේ නීතිඥයින් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.
රටපුරා බොහෝ රාජ්‍ය නිලධාරීන් නිහඬව සිටිය දී රටේ දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් වෛද්‍ය චමල් සංජීව මහතා විසින් සිදු කළ හෙළිදරව්වට අනතුරුව රජය දීප ව්‍යාප්ත වශයෙන් මන්දපෝෂණය මැඩපැවැත්වීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ අතර මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500 ක ට ආසන්න මුදලක් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට සහන ලබා දීමට වෙන් කර ඇත එසේම පසුගියදා යුනිසෙෆ් වාර්තා කළේ ශ්‍රී ලංකාවේ දරුවන් 50,000 ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, සුනිල් ද අල්විස්, ලාල් පනාපිටිය, සුදත් රත්නවීර, ලෝෂණී පීරිස්, වසන්ත කුලතිලක, ජනක සුගතදාස ඇතුළු පිරිසක් සහ නීතිපතිවරයා ද මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
වෛද්‍ය චමල් සංජීව වෙනුවෙන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ දී ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, කනීල් මද්දුමගෙ, මනොජ් නානායක්කාර, අමිල එගොඩවත්ත ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම වෛද්‍ය චමල් සංජීව වෙනුවෙන් ඉදිරිපත් කොට ඇත්තේ නීතිඥ ප්‍රවීන් ප්‍රේමතිලක විසිනි.