භූමිකම්පාවකින් සොලමන් දූපත් සෙළවෙයි. ගොඩනැගිලි රැසකට හානි

පුවත්

විදෙස්

ඕසේට්‍රේලියා මහද්වීපයට අයත් සොලමන් දූපත් ආසන්නයේ රිච්ටර් මාපක 7.0ක භූමිකම්පාවක් සිදුව තිබේ. එහි අපි කේන්ද්‍රය මුහුදු පත්ලේ සිට කිලෝ මිටර 15ක් ගැඹුරින් පිහිටා තිබූ බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි.

එරට වේලාවෙන් අද (22) දහවල් 1.03ට සිදුවූ මේ භූමිකම්පාව හේතුවෙන් අවට ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කම්පනය තත්පර 20ක පමණ කාලයක් පැවත ඇති බවයි. භූමි කම්පාවෙන් නිවාස සහ දේපළ රැසකට හානි සිදුව තිබේ. තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles