spot_img
spot_imgspot_img

චන්ද්‍රිකා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පන්නයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු සාමාජිකයන් කිහිප දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ඔවුන් දෙදෙනාට අමතරව ‍හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, හිටපු උප ලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උප සභාපතිවරුන් වන සුරේෂ් රාඝවන්, චාමර සම්ත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර යන පිරිසගේ ද පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

ඊයේ (21) රැස්වූ මධ්‍යම කාරක සභාව ඔවුන්ට එරෙහිව, පක්ෂයේ ස්ථාවරත්වයට වෙනස්ව කටයුතු කරමින් මධ්‍යම කාරක සභාවේ තීන්දු නොතකා හැරීම යන චෝදනා මත මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මීට අමතරව පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෂාන් විජයලාල් සිල්වා, අංග්ජන් රාමනාදන් සහ හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරු පත්කර ඇතැයිද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!