spot_img
spot_imgspot_img

අහුංගල්ලේ වෙඩි තැබීමේ සැකකරු STF වෙඩි තැබීමකින් මරුට

පුවත්

විදෙස්

අහුංගල්ලේ දී ඊයේ (12) වෙඩි තැබීමක් සිදුකළ බවට සැකකරන පුද්ගලයා පොලිස් විශේෂ ‍කාර්ය බලකායේ වෙඩි පහරකින් අද (13) මියගිය බව පොලිසිය කියයි.

මියගිය සැකකරු අද (13) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ගිනි අවියක් සොයාගැනීමට ගිය අවස්ථාවේ දී හෙතෙම විශේෂ කාර්ය බළකාය දෙසට වෙඩි තැබූ බවත් එම අවස්ථාවේ දී නිලධාරීන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිය ගිය පොලිසිය පවසයි.

ඊයේ අහුංගල්ලේ ත්‍රී රෝද රථ ගාලක් අසළට පැමිණි පුද්ගලයකු එහි සිටි තැනැත්‍තකු ඉලක්ක කරගෙන වෙඩි තබන ආකාරයත්, අනතුරුව තුවාල ලැබූ පුද්ගලයා තමන්ට වෙඩි තැබූ පුද්ගලයා සමඟ පොරබදන ආකාරයත් සීසීටීවී කැමරාවක සටහන්ව තිබිණි. තුවාලකරු බලපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ අත්අඩංගුවේ සිටිය දී මියගියේ එම සිද්ධියේ වෙඩික්කරු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!