spot_img
spot_imgspot_img

පියාගේ වැරදි එන්නතින් මියගිය පුතාගේ මරණය ගැන පරීක්ෂණ යට ගහන්න පොලිසිය සහ වෛද්‍යවරු එක්වෙති

පුවත්

විදෙස්

විශ්‍රාම ලැබූ හෙද නිලධාරියකු විසින් තම පුතුට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ලබාදුන් වැරදි එන්නතක් හේතුවෙන් රෝහල්ගත කර සිටිය දී මියගිය පුතකු පිළිබඳ අපි rata.lk වෙතින් ඊයේ වාර්තා කළෙමු. එම පුවත මෙතැනින්

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ලේ අම්බලන්වත්ත, වැලිපත පදිංචිව සිටි රසිත මනුර කංකානම් පතිරණ නමැති 25 හැවිරිදි තරුණයෙකි.

ඔහුට වැරදි එන්නතක් ලබාදීමෙන් අනතුරුව විවිධ සංකූලතා ඇති වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටයි දී මියගියේ පසුගිය 12 වැනි දා සවස් කාලයේ දී ය.

මෙවැනි මරණයක් සිදු වූ විට හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වීම අනිවාර්ය කාරණයක් වුව ද තම හිතවත් හිටපු හෙද නිලධාරියා අතින් සිදුවූ වරදත්, ඔහුට වැරදි එන්නත් දුන් ‍රෝහල් කාර්ය මණ්ඩලයත් බේරා ගැනීමේ අවශ්‍යතාව මත වාට්ටුව භාර වෛද්‍යවරයා ඒ මරණය යට ගැසීමේ අරමුණින් වාට්ටුවෙන් ම නිදහස් කර මල් ශාලාවටත්, ඉන් අනතුරුව නිවසටත් යවා තිබේ. මළ සිරුර කඩිනමින් පුළුස්සා දැමීමට හෙද නිලධාරී පියා ඇතුළු ඥාතීන් විසින් මරණ රෙජිස්ට්‍රාර් වරයාගෙන් ඉල්ලා ඇතත් ඊට අවසර දී නැත.

ඒ අනුව අද (14) දේහය දඩල්ල පොදු සුසානභූමියේ දී මිහිදන් කිරීමට නියමිතය.

මේ පිළිබඳ අප වාර්තා කළ පසු කලබලයට පත් රහස් පොලිස් නිලධාරීන් පවා මාධ්‍යවේදීන් අමතමින් තොරතුරු සොයා බලා ඇති අතර 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව ‍ පොලිසිය වෛද්‍යවරුන්ගෙන් කරුණු විමසා ඇත. වෛද්‍යවරු පොලිසියට පවසා ඇත්‍තේ රෝගියා වාට්ටුවේ දින කිහිපයක් සිටි බැවින් මරණය සම්බන්ධ හේතුව ලබා දිය හැකි වූ බවයි

නමුත් වෙනත් මරණ සිදුවන අවස්ථාවල දී එම වාට්ටුවේ ම වෛද්‍යවරු කටයුතු කරන්නේ ඒ ආකාරයෙන් නොවේ. වාට්ටුවේ සති කිහිපයක් සිටිය ද මේ තරුණයාගේ මරණයට හේතුව සඟවා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා වාර්තාවක් ලබා දී ඇත. එම වාර්තාවේ වැරදි එන්නත නිසා මරණයට පත්වූවා ද යන්න සඳහන් නැත. එහි දක්වා ඇත්තේ වෙනත් හේතුවකි.

එමෙන්ම තම පුතාට වැරදි එන්නත් ලබාදුන් පියාගේ හිතවතකු අපගේ වෙබ් අඩවියේ සඳහන් අංකයට ඇමතුමක් ලබා දෙමින් මෙසේ කීවේය.

“ඔයා ඇත්ත දන්නේ නෑ. මේ කිසිම දේකින් නෙවෙයි මේ දරුවා මැරුණේ එයාට සිස්ට් එකක් (ගෙඩියක්) තිබුණා. ඒකෙන් මැරුණේ” මෙසේ කියූ ඔහු ද එම හෙද නිලධාරියා සමඟ එකට සේවය ක‍ළ අයෙකි.

එම තරුණයාගේ මොළයේ හෝ වෙනත් ස්ථානයක හෝ ගෙඩියක් තිබුණේ නම් එය ද මරණයට හේතුවක් වූයේ නම් 16 වාට්ටුව බාර වෛද්‍යවරයා ඒ බව සඳහන් නොකරමින් මරණය නිදහස් කළේ කෙසේ ද ?

මේ මරණය අනිවාර්යයෙන් ම මරණ පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු බව අධිකරණ වෛද්‍ය විශේෂඥවරුම කියති. නමුත් පොලිසිය කරන්නේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීමයි.

ඔවුන් මරණය නිදහස් කරමින් වැරදි එන්නත් විදීමේ සිද්ධිය යට ගැසූ වෛද්‍යවරු සමඟ එක්ව දේහය කඩිනමින් භූමදාන කිරීමට අර අදිිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!